/
/
title icon සමගි ජන සන්ධානය හා එක් නොවූ බව සුදර්ශනී, ජෝන් ඇතුළු 04 ක් කියයි.
සමගි ජන සන්ධානය හා එක් නොවූ බව සුදර්ශනී, ජෝන් ඇතුළු 04 ක් කියයි.
Editor
1 year ago
Share:
සමගි ජන සන්ධානය හා එක් නොවූ බව සුදර්ශනී, ජෝන් ඇතුළු 04 ක් කියයි.

 

තමන් සමගි ජන බලවේගය ප‍්‍රමුඛ සමගි ජන සන්ධානය සමඟ එක් නොවූ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා.

පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් හයදෙනෙකු සමගි ජන බලවේගය ප‍්‍රමුඛ සමගි ජන සන්ධානයට එක්ව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි ඊයේ ප‍්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

තමන්ට අමතරව මෙලෙස සමගි ජන සන්ධානය හා එක්වූ පිරිස අතර අනුර ප‍්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න සහ ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් සිටින බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

මේ අතර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී පියංකර ජයරත්නද සඳහන් කළේ, තමන් විදෙස්ගතව සිටින බැවින් මේ පිළිබඳව කිසිදු කරුණක් තමන් නොදන්නා බවයි. එමෙන්ම තමන් කිසිදු සන්ධානයක් සමඟ එක් නොවූ බවද ඔහු කියා සිටියා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න සහ ජයරත්න හේරත් ප‍්‍රකාශ කළේ, තමන්ද සමගිජන සන්ධානයට එක්නොවූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required