English English සිංහල සිංහල தமிழ் தமிழ்

 ආණ්ඩුවේ ඇමතිකම් ගත් නිදහස් පක්ෂ ප්‍රබලයින් හදිසියේ චන්ද්‍රිකා හමුවට.

Facebook
Twitter
LinkedIn

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ අමාත්‍යධූර ලබාගත් මන්තී‍්‍ර කණ්ඩායම එම පක්ෂයේ අනුශාසකවරියක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග හමුවී සාකච්ඡා කර තිබෙනවා. කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපතිණියගේ නිල නිවසේ ඊයේ මෙම සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක සහ ආචාර්ය සුරේන් රාගවන් මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක එක්ව තිබෙනවා.

එහිදී වර්තමාන නිදහස් පක්ෂ නායකත්වය හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂ නායකත්වයට එරෙහිව වර්තමානයේ නඩු කිහිපයක් විභාගවන බැවින් එවන් පසුබිමක එහි ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් අවධානමක් පවතින බවට මෙම පිිරිස පෙන්වා දී තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායන කුමාරණතුංග කියා සිටියේ 1994 වසරේ සිට පක්ෂය පාලනය කළ තමන් එම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යාවස්ථාව වෙනස් නොකළ බවයි. එහෙත් 2015 පසු පක්ෂ ව්‍යවස්ථාව පවා වෙනස් කිරීමට ක්‍රියාකර ඇති බවයි ඇය කියා සිටියේ.

කුමන අර්බුද පැමිණියත් පක්ෂය විනාශ වීමට ඉඩ ලබා නොදිය යුතු බවත්, එය රැකගැනීමට කටයුතු කර යුතු බවත් හිටපු ජනාධිපතිනිය ප‍්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000