/
/
title icon  මාතලේ එකම පවුලේ 04 කට එල්ල කළ ප‍්‍රහාරයකින් අවුරුදු තුනහමාරක දරුවෙකු මරුට.
 මාතලේ එකම පවුලේ 04 කට එල්ල කළ ප‍්‍රහාරයකින් අවුරුදු තුනහමාරක දරුවෙකු මරුට.
Editor
1 year ago
Share:
 මාතලේ එකම පවුලේ 04 කට එල්ල කළ ප‍්‍රහාරයකින් අවුරුදු තුනහමාරක දරුවෙකු මරුට.

මාතලේ – රණ්බිමගම ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව්දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ මව, දියණිය සහ තවත් පුත‍්‍රයෙකු මාතලේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලැබූ මවගේ වයස අවුරුදු 38ක් වන අතර දියණිය අවුරුදු 19 සහ පුත‍්‍රයා 15 හැවිරිදි වියේ පසුවනවා.

මොවුන් පදිංචි නිවසට යාබද නිවසේ සිටි පුද්ගලයෙකු විසිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

මොවුන් අතර කලක සිටි පැවති ආරවුලක් මෙම පහරදීමට හේතුවී තිබෙනවා.

සැකකරු කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required