/
/
title icon පස් චමින්ද ඝාතනයේ සැකකරුවෙකුට ගම්පහදී වෙඩි.
පස් චමින්ද ඝාතනයේ සැකකරුවෙකුට ගම්පහදී වෙඩි.
Editor
1 year ago
Share:
පස් චමින්ද ඝාතනයේ සැකකරුවෙකුට ගම්පහදී වෙඩි.

ගම්පහ – මාකෙවිට – සියඹලාපිටිය ප‍්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි ගම්පහ පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

සිය වැඩිමහල් දරුවා පාසලෙන් රැගෙන යාම සඳහා බිරිඳ සහ කුඩා දරුවා සමඟ පැමිණි අවස්ථාවේදියි, ගම්පහ – ආරච්චිවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඔහු වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ.

මේ වනවිට ඔහු ගම්පහ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්වය තරමක් බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මොහු 2018 වසරේදී ප‍්‍රභාත් නිරෝෂන් බාලසූරිය නොහොත් පස් චමින්ද නැමති පුද්ගලයා ඝාතනයේ ඔත්තු බැලීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත පැමිණි අයෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required