/
/
title icon අයවැයේ සහනයෙන් සූර්ය බලශක්ති කට්ටලයක මිල රුපියල් 50,000 කින් අඩුවන ලකුණු.
අයවැයේ සහනයෙන් සූර්ය බලශක්ති කට්ටලයක මිල රුපියල් 50,000 කින් අඩුවන ලකුණු.
Editor
1 year ago
Share:
අයවැයේ සහනයෙන් සූර්ය බලශක්ති කට්ටලයක මිල රුපියල් 50,000 කින් අඩුවන ලකුණු.

අයවැයෙන් බදු අඩු කිරීම නිසා සූර්ය බලශක්ති කට්ටලයක මිල රුපියල් 50,000 කින් පමණ පහත දැමිය හැකි බව සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති කුෂාන් ජයසූරිය සඳහන් කළේ ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට මෙම සහනය ලබාදෙන බවයි.

පුනර්ජනනීය බලශක්තිය යොදාගනිමින් විදුලිබලය නිෂ්පාදනය කිරීම, ප‍්‍රවර්ධනය කිරීම සහ බදු සහන ලබාදෙන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව සූර්ය බලශක්තිය නිපදවීමට යොදාගනු ලබන ප‍්‍රතිවර්ථක සඳහා පනවා තිබූ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සියයට 10 කින් සහ සමාජ ආරක්ෂණ බදු අයවැයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇති බවයි සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required