/
/
title icon හංවැල්ලේ පාසලක සිසුවෙකුට පහරදුන් නැටුම් ගුරුවරයා ගැන විමර්ශන.
හංවැල්ලේ පාසලක සිසුවෙකුට පහරදුන් නැටුම් ගුරුවරයා ගැන විමර්ශන.
Editor
1 year ago
Share:
හංවැල්ලේ පාසලක සිසුවෙකුට පහරදුන් නැටුම් ගුරුවරයා ගැන විමර්ශන.

ජාතික ගීය ශබ්ද නගා ගායනා නොකළ බව පවසමින් සිසුවෙකුට පහරදුන් නර්තන ගුරුවරයෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. හංවැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක 9 වන ශ්‍රේණියේ සිසුවෙකුයි මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ.

උදෑසන රැස්වීම අතරතුර එය සිදුව ඇති අතර, ජාතික ගීය ශබ්ද නගා ගායනා කරන ලෙස පවසමින් අදාළ ගුරුවරයා තම දරුවාගේ හිසට පහරදී ඇති බව මව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්.

මේ අතර සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානයට ලක් කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා සෑම පොලිස් ස්ථානයකම වෙනම කාමරයක් සහ ඊට අනුයුක්තව කටයුතු කිරීමට පොලිස් නිලධාරිනියන් සිව් දෙනෙකු පත් කළ යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ. ළමා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම මෙන්ම ඒවා වාර්තා කිරීමේදී විශේෂ ක‍්‍රම අනුගමනය කළ යුතු බවටද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required