English English සිංහල සිංහල தமிழ் தமிழ்

රාජ්‍ය ඇමතිනි ඩයනාට එරෙහිව අභියාචනාධිකරණයටත් පෙත්සමක්.

Facebook
Twitter
LinkedIn

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, සිවිල් ක‍්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක,  මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි එමඟින් පෙත්සම්කරු කියා සිටින්නේ.

එබැවින් ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ සියලූ‍ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මේ අතර රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදේශ ගතවීම හෙට දිනය දක්වා තහනම් කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය 11 වනදා නියෝගයක් නිකුත් කළා. නීතීඥ ගුණරත්න වන්නිනායක ඇතුළු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000