/
/
title icon මුතුරාජා ගැන ඇමති අමරවීරගේ අවධානය.
මුතුරාජා ගැන ඇමති අමරවීරගේ අවධානය.
Editor
1 year ago
Share:
මුතුරාජා ගැන ඇමති අමරවීරගේ අවධානය.

මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබාදී තිබෙනවා. එම හස්තියා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙත තායිලන්තයෙන් ලබා දුන් පරිත්‍යාගයක් වන අතර පසුව ඇය විසින්  අලූ‍ත්ගම කන්දේ විහාරස්ථානය වෙත බාර දීමට පියවර ගෙන තිබුණා.

නමුත් එම හස්තියා භාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ හැසිරීම නිසා එම හස්තියා දැඩි හිරිහැරවලට මුහුණ දුන් බව අනාවරණය වූ බවයි වනජීවී අමාත්‍යාංශය පැවසුවේ.

මේ හේතුවෙන් මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැ‌ගෙනවිත් දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත් කළා. දෙහිවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය විසින් ලබාදෙන සත්කාර මැද මේ වනවිට එම හස්තියා ඉතාමත් ආරක්ෂිතව පසුවනවා.

මුතුරාජා හස්තියා නැවත තායිලන්තය රැගෙන යාමට මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් තීරණය කර ඇති බවට පසුගියදා වාර්තා පළ වුණා.

මුතුරාජා හස්තියා ශ‍්‍රී ලංකාව තුළ රඳවා ගෙන රැක බලාගැනීම සඳහා තායිලන්ත තානාපතිවරයා සමඟ සාකච්ඡා කර පියවර ගන්නැයි අමාත්‍යාංශ ලේකම්වරියට විෂය භාර අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required