English English සිංහල සිංහල தமிழ் தமிழ்

ණය හිමියන්ගේ මූල්‍ය සුරක්ෂිතතාවය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍යයි – ජී 20 නායකයින් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවයක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වන බව ජී 20 සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දෙනවා.

ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති හෙයින් මෙම සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍ය වන බවයි.

ජී 20 සමුළුවට සහභාගිවී සිටින ලොව ප‍්‍රධාන පෙළේ රටවල නායකයින් මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ ගැටළුව පිළිබඳව ඊයේ අවධානය යොමු කර තිබුණා.

එහිදී ශ්‍රී ලංකාව ගැනත් වැඩි අවධානයක් යොමු කෙරුණා.

ඒ අනුව ජී 20 රටවල නායකයින් ප‍්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා විවිධ රටවල් සිදුකර ඇති ඉල්ලීම්වලට බහු ණයහිමි රටවල් විසින් යහපත් ප‍්‍රතිචාරයක් ලබාදිය යුතු බවයි.

ජී 20 සමුළුව මෙවර ඉන්දුනීසියාවේ බාලි නුවරදී ලොව ප‍්‍රධානම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් කඩිනම් නොකිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල විවේචනයට ලක්වූ චීනය පිළිබඳව සමුළුවේදී කිසිවක් සඳහන් නොවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000