/
/
title icon ONLINE | පත්තරේ
ONLINE | පත්තරේ
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ

දිවයින(2022-11-17)

ඇතැම් මිනිසුන් ආර්ථික අර්බුදය හමුවේ දරිද්‍රතාව දරාගත නොහැකි සියදිවි නසා ගනී. දිගන කෝටිපති ව්‍යාපාරිකයා සියදිවි නසා ගත්තේ ඇයි? දිගන කෝටිපති ව්‍යාපාරිකයා සියදිවි නසාගත් පුවත් සිරස්තලයක් අද දිවයින වාර්තා කරයි.

ළමා හා කාන්තා හිංසන සිදු වන්නේ නම් කතා කළ යුතු ක්ෂණිම දුරකථන අංක දෙකක් ළමා ආරක්ෂක අධිකාරිය හා කාන්තා කාර්යංශය විසින් හදුන්වා දී තිබේ.

මිතුරු වෙසින් එන හතුරා. අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන්ට ලිංගික බෙලහීනතාවයන්ගෙන් පෙළේ.සාමාන්‍ය පුද්ගලයෙකු දෙසතියක් අයිස් භාවිතා කළහොත් ඔහුගේ ආයු කාලය වසර 20 කින් කෙටි වේ.

හම්බන්තොට වරාය හදන්න ගත්ත විදේශ ණය ලෙබනන් වලට අද ප්‍රශ්නයක්. ප්‍රධාන සිරස්තලයක් ලෙස දිවයින පුවත්පත අද වාර්තා කරයි.

විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද දිවයින මුල් පිටුවේ උපුටා දක්වයි. රනිල්- මහින්ද – මෛත්‍රී වත්කම් බැරකම් ප්‍රසිද්ධ කළහොත් අල්ලස් දූෂණ වළක්වා මේ රට හදන්නට හැකි වන බව ඔහු එහිදී වැඩිදුරටත් පවසන ලදී.

කැනඩාවේ සිට පැමිණි පිරිසක් කටුනායකදී කුලී රථයක් ලබාගෙන යාපනයට ගමන් කරමින් සිටියදී කුරුණෑගලට නුදුරින් දිවා ආහරය ගන්නා විට කෝටි ගණන් වටිනා ගමන් මලු සමග රියදුරුද අතුරුදහන් වී තිබේ.

ලැබුණු ඔත්තුවට අනුව ඇල්පිටිය නගරය ආසන්නයේ රැකවල් ලා සිටි පොලිස් නිලධාරීන් හා පොලිතීන් කවර 16 ඔතා තිබූ වෙනිවැල් ගැට තොගය හසු වෙයි.

වැටී තිබූ මුදල් පසුම්බියේ ලක්ෂ 09ක්.. නමුත් සී. සී. ටී. වී ඔස්සේ පැමිණි පොලිසියට මුදල් ආපසු දීමට සිදු වේ.

ප්‍රේම කළ තරුණයා විවාහක එක් දරු පියෙක් බව දැනගෙම සම්බන්ධතාවය නවත්වා දැමුවාට උරණ වූ ඔහු ඇයගෙන් පළි ගන්නේ දූෂණය කර වෑන් රියකින් පිටතට තල්ලු කර මරා දැමීමට තැත් කිරීමෙනි.

මරදාන දුම්රිය මූලස්ථානයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 12 ක ලූණූ නාට්ටාමියා සොරකම් කර වැඩි මුදලට විකුණයි.නාට්ටාමියා නීතියේ රැහැනට කොටු වෙයි.

ප්‍රාථමික පාසල් වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනෙනුත් මුදල් යටි මඩි ගසා ඇති පුවතක් දිවයිනේ වාර්තා වේ.
තවත් පුවත් රැසක් අද දිවයින පුවත්පත හරහා ඔබට කියවිය හැක.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required