/
/
title icon දිගන කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනී.
දිගන කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනී.
Editor
1 year ago
Share:
දිගන කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනී.

දිගන ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මංගල ගුණවර්ධන දිගන නගරයේ පිහිටි ඔහුට අයත් තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි කාර්යාලයේදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

රථවාහන, උකස් මධ්‍යස්ථාන සහ මුදල් පොළියට ලබාදීම ඇතුළු ව්‍යාපාර රැසක හිමිකරුවෙකු වන මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ඔහුට අයත් බව කියන රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින්.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.

මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය විමර්ශන සිදුකරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required