English English සිංහල සිංහල தமிழ் தமிழ்

අයි.එම්.එෆ් එකඟතා ක්‍රියාත්මක කිරීම ලබන වසර මැද දක්වා කල් යන ලකුණු.

Facebook
Twitter
LinkedIn

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා අවසන් කිරීමට සහ නිල වශයෙන් එහි එකඟතා ක්‍රියාත්මක කිරීම ලබන වසරේ දෙවන කාර්තුව දක්වා කල් යනු ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි කර තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් කර ඇත්තේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි කාලින සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වූ ජාතික සභා අනුකාරක සභාවේ කෙටි කාලීන විසඳුම් සහිත යෝජනාවලිය ඇතුළත් පළමු වාර්තාව වන අතර එහි සභාපතිවරයා වන්නේසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවකයි.

සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම අනුකාරක සභාව පසුගිය සැප්තැම්බර් මාසයේදී පත් කෙරුණු අතර, අදාළ වාර්තාවේ පළමු ක්ෂේත‍්‍රය ලෙස මෙරට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ලබන වසරේ මුල් මාස 4 තුළ ණය හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවකට එළැඹීමට අපේක්ෂා කෙරෙන බවයි.

ලබන වසරේ දෙවැනි කාර්තුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා නිල වශයෙන් ක‍්‍රියාත්මක කිරීමටත් අපේක්ෂිතයි.

මේ අතර මෙරට ආර්ථිකය 2022 වසරේදී 9.2%කින්ද 2023 වසරේදී 4.2%කින්ද තවදුරටත් සංකෝචනය වනු ඇති බවටද එම වාර්තාව මගින් පූරෝකථනය කර තිබෙනවා.

ආර්ථික ව්‍යුහයේ සහ ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තිවල දුර්වලතා දිගු කාලයක් තිස්සේ පැවතීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් උද්ගතව ඇති බවයි අදාළ වාර්තාවෙන් අවධාරණය කර ඇත්තේ. ජනතා විශ්වාසය ඇතිවන අයුරින් රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමද යෝජනා කෙරෙන අතර රාජ්‍ය සේවකයින්ට ඉලක්ක ලබාදිය යුතු බවටද එමගින් යෝජනා කර තිබෙනවා.

දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට නැවත ධුර දැරීමේ හැකියාව අහෝසි කළ යුතු බවටත් මෙම වාර්තාවෙන් යෝජනා කෙරෙනවා.

එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ඖෂධ හිඟය, උපකරණ හිඟය, වෛද්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ මට්ටම්වල වෘත්තිකයින් විදේශගත වීම, විදේශ විනිමය හිඟය, ආදි කරුණු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

පවතින ආර්ථික බිඳ වැටීම හමුවේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් පොදු වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව යෝජනා කර තිබෙනවා.

ආහාර ක්ෂේත‍්‍රය යටතේ අවධානය යොමු කිරීමේදී 2020-2021 වසරේ මහ කන්නයට සාපේක්ෂව 2021-2022 වසරේ මහ කන්නයේ අස්වැන්න ටොන් මිලියන 1.2කින් අඩුවී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී වී සහ සහල් මිල 100%කින්ද එළවළු සහ පළතුරු මිල 100%කට අධික ප්‍රතිශතයකින්ද වැඩි වී තිබෙනවා.

පෝෂණය සහ සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අදාළ වාර්තාවේ දැක්වෙන්නේ විවිධ හේතූන් නිසා වසර 10ක පමණ කාලයක සිට මන්දපෝෂණය 20% තරම් ඉහළ අගයක් ගෙන ඇති බවයි.

බලශක්ති ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූ‍ සම්බන්ධයෙන් ද අනුකමිටුව අවධානය යොමුකර ඇති අතර ඒ යටතේ බලශක්ති හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට යෝජනා කෙරෙනවා.

හදිසි තත්ත්වයක් ලෙස සලකා ඔක්ටේන් 87,90,92 ඉන්ධන නැවත සුදුසු වාහනවලට යෙදීමට හැකියාවක් ඇත්දැයි විද්‍යාත්මක පරීක්ෂණයකින් පසු නිර්දේශ කිරීම සහ ඒ අනුව මිල තීරණය කිරීමටත් යෝජිතයි.

ඉන්ධන මිලට සාපේක්ෂව මාස 6කට වරක් විදුලිබිල ද යාවත්කාලීන කරමින් ඒ අනුව ජල බිල සහ ප‍්‍රවාහන ගාස්තු සඳහා මිල සුත‍්‍රයක් තීරණය කිරීමටත් අනුකමිටුව යෝජනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000