English English සිංහල සිංහල தமிழ் தமிழ்

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිසියට ගල් ගැසූ කාන්තාවන් 06 ක් අත්අඩංගුවට.

Facebook
Twitter
LinkedIn

අනුරාධපුර – සමූහගොවිපළ – පුබුදුපුර ප‍්‍රදේශයේදී හෙරෝයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් 06 දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොවුන්ට අමතරව හෙරෝයින් ලඟ තබා ගත් 04 දෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෙරෝයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පිරිසක් පුබුදුපුර ප‍්‍රදේශයේ නිවසක රැදී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහිදී එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර පසුව එහි සිටි 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව ඔවුන් පොලිසියට රැගෙන ඒමට සූදානම් වන අවස්ථාවේ සැකකරුවන්ගේ ඥාතීන් බව පැවසෙන කාන්තාවන් 06 දෙනෙකු පැමිණ පොලිසිය වෙත ගල් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුවයි අදාළ කාන්තාවන් 06 දෙනාද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම කාන්තාවන් අවුරුදු 23ත් 53ත් අතර වයස්වල පසුවනවා.

පොලිස් රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම සහ ගල්වලින් පහරදී තුවාල සිදු කිරීම මෙම කාන්තාවන්ට එල්ල වී ඇති චෝදනායි.

පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ද මේ වනවිට අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000