/
/
title icon මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු හෙට සිට ඉහළට.
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු හෙට සිට ඉහළට.
Editor
1 year ago
Share:
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු හෙට සිට ඉහළට.

හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මෝටර් වාහනයක් සාමන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් වන අතර, ප‍්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,000ක්.

එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4,000ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.

මේ අතර ප‍්‍රමාද වී ලියාපදිංචි කිරිමේ ගාස්තු ද කාණ්ඩ කිහිපයක් යටතේ ඉහළ දමනු ලැබුවා.

මෝටර් රථයක් සඳහා දිනක ප‍්‍රමාද ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩිකර ඇති අතර යතුරු පැදියක් සඳහා දිනක ප‍්‍රමාද ගාස්තුව රුපියල් 50ක්.

එමෙන්ම ලියාපදිංචි වාහනයේ සහතිකයේ විස්තර වෙනස් කිරීම රුපියල් 3,000ක ගාස්තුවක් අය කෙරෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required