/
/
title icon වසන්ත සහ සිරිධම්ම හිමියන් රිමාන්ඩ්.
වසන්ත සහ සිරිධම්ම හිමියන් රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
වසන්ත සහ සිරිධම්ම හිමියන් රිමාන්ඩ්.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නීතිපති උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටී.එන්.එල්. මහවත්ත නියෝග කළා.

ඒ, ඔවුන් ඊයේ පස්වරුවේ ත‍්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අගෝස්තු 19 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර ලබාදුන්නේ මොවුන් දින 90 ක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමටයි.

ඒ අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි ඔවුන් ඊයේ පස්වරු 5.00 ට පමණ අධිකරණයට ඉදිරිපත් කළ බවයි අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

වසන්ත මුදලිගේ වහාම මහේස්ත‍්‍රාත්වරයෙකු වෙත සහ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීයා වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයද පසුගිය 10 වැනිදා නියෝග කළා.

මේ අතර කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස නම්කර සිටි නීතිඥ නුවන් බෝපගේ ඊයේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවූ අතර, එහිදී කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ ඔහුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදාහරින ලෙසටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required