/
/
title icon විචල්‍ය පොලී අනුපාත යටතේ ණය ගත් අයට සහනයක්.
විචල්‍ය පොලී අනුපාත යටතේ ණය ගත් අයට සහනයක්.
Editor
1 year ago
Share:
විචල්‍ය පොලී අනුපාත යටතේ ණය ගත් අයට සහනයක්.

විචල්‍ය පොලී අනුපාත යටතේ ලබාගත් ණය සඳහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් අපහසුතාවයට පත්වූ ගණුදෙනුකරුවන්ට සහන සැලසීමට මහ බැංකුව, බැංකුවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ ප‍්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පොලී අනුපාතික වැඩි වීම හේතුවෙන් ඇතැම් ණය හිමියන්ගේ මුළු වැටුපම ණය වාරික සඳහා ගෙවීමට සිදුව ඇති බව මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ගණුදෙනුකරුවන්ට බැංකුව සමඟ සාකච්ඡා කර යම් සහන කාලයක් සඳහා අදාළ පොළිය පමණක් ගෙවීමට හැකියාව පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required