/
/
title icon රජයෙන් බෙදන යූරියා පොහොරවල නියමිත බර නොමැති බව හෙළිවේ.
රජයෙන් බෙදන යූරියා පොහොරවල නියමිත බර නොමැති බව හෙළිවේ.
Editor
1 year ago
Share:
රජයෙන් බෙදන යූරියා පොහොරවල නියමිත බර නොමැති බව හෙළිවේ.

රජය විසින් ගොවීන්ට බෙදාහරිනු ලබන කිලෝග‍්‍රෑම් 50 හේ යූරියා මිටියක නියමිත බරට පොහොර නොමැති බව අනාවරණ වීමේ සිද්ධියක් අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද පැමිණිලි අනුව විලච්චිය – පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් රජයේ පොහොර ගබඩාවක් ඊයේ වටලා සිදුකළ පරීක්ෂාවේදීයි.

මෙහිදී ගොවි ජනතාව වෙත බෙදාහැරීමට රැගෙන ආ ලොරි රථයක් තුළ තිබූ යූරියා පොහොර මිටි 500 කින් සාම්පල ලබාගෙන පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ඒවායේ නිසි බර නොමැති බවටයි.

කිලෝග‍්‍රෑම් 50 ක බර පැවතිය යුතු පොහොර මිටියක කිලෝග‍්‍රෑම් 47, 48, 49 ආදී වශයෙන් බර සටහන්ව තිබී ඇති බව සිදුකළ සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා.

ලෝක බැංකු ආධාර යටතේ දිවයිනට රැගෙන ආ යූරියා පොහොර බෙදාහැරීම රජයට අයත් පොහොර සමාගම් දෙක වන කොමර්ෂල් සහ ලක් පොහොර සමාගම් හරහා සිදු කෙරෙනවා.

මෙලෙස නියමිත බර නොමැති බවට අනාවරණ වී ඇත්තේ එම පොහොර සමාගම් දෙකෙන් එක් සමාගමක් හරහා බෙදාහැරීමට රැගෙන ආ යූරියා පොහොර තොගයක බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රට තුළ පවතින යූරියා පොහොර හිඟය සහ ගොවි ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සැලකිල්ලට ගෙන සමස්ත පොහොර තොගයම රාජසන්තක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන නැහැ.

එහෙත් පරීක්ෂාවට ලක් කළ සාම්පල අතර තිබූ නියමිත බරින් තොර පොහොර මිටි 14 ක් පමණක් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකාරියේ භාරයට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required