/
/
title icon මිනුවන්ගොඩදී STF වෙඩි කෑ ‘‘ජුන්ඩා’’ සහ ‘‘මූලා’’ මරුට – සිදුකළ ඝාතන රැසක සුළමුලත් එළියට.
මිනුවන්ගොඩදී STF වෙඩි කෑ ‘‘ජුන්ඩා’’ සහ ‘‘මූලා’’ මරුට – සිදුකළ ඝාතන රැසක සුළමුලත් එළියට.
Editor
1 year ago
Share:
මිනුවන්ගොඩදී STF වෙඩි කෑ ‘‘ජුන්ඩා’’ සහ ‘‘මූලා’’ මරුට – සිදුකළ ඝාතන රැසක සුළමුලත් එළියට.

මිනුවන්ගොඩ – පොල්වත්තේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ වෙඩි හුවමාරුවකදී ජීවිත්කෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනා මනුෂ්‍ය ඝාතන ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙලෙස මියගියේ 34 හැවිරිදි මිලාන් කෝසල හෙවත් ජුන්ඩා සහ 37 හැවිරිදි නිලූක හෙවත් මූලා යන අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනායි. මොවුන් මේ වනවිට විදේශ ගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙකු බවටද හෙළිවී තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය අගෝස්තු 24 වනදා ඌරුගස්මංහන්දිය, නුබුඩුමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයකදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ යක්කලමුල්ලේදී ඔක්තෝබර් 19 වනදා පුද්ගලයෙකු සහ ළමයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිවලද ප‍්‍රධාන සැකකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් ගාල්ල-පෝද්දල ප‍්‍රදේශයේ නිවසක උඩු මහලේ කුළී පදනම මත රැදී සිට ඇති අතර අදාළ නිවසේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා තියුණු ආයුධයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට වෙඩි තැබීමට උත්සහ කර ඇති අතර පසුව නිලධාරින් විසින් සැකකරුවන්ට වෙඩි තබා තිබෙනවා.

තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එහිදී සුළු තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු මේ වන විට මිනුවන්ගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required