/
/
title icon බර අඩුවීම ගැන කරුණු කියන්න පොහොර ලොක්කන් ගොවිජන මන්දිරයට.
බර අඩුවීම ගැන කරුණු කියන්න පොහොර ලොක්කන් ගොවිජන මන්දිරයට.
Editor
1 year ago
Share:
බර අඩුවීම ගැන කරුණු කියන්න පොහොර ලොක්කන් ගොවිජන මන්දිරයට.

ගොවීන්ට ලබාදෙන යූරියා පොහොර මිටියක නියමිත බර නොමැතිවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේදී පොහොර සමාගම් නියෝජිතයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ගොවීන්ට බෙදාහරිනු ලබන කිලෝග‍්‍රෑම් පණහේ යූරියා මිටියක නියමිත බර නොමැතිවීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී තිබෙනවා. මෙහි ආසන්තම සිදුවීම අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවූ අතර, විලච්චිය – පේමඩුව ගොවිජන මධ්‍යස්ථානයක් ඊයේ පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබුවා. ඒ, ගොවීන්ගෙන් ලද පැමිණිලිවලට අනුවයි.

මෙහිදි බෙදාහැරීමට නියමිතව ලොරි රථයක් තුළ තිබූ යූරියා පොහොර මිටි 500 ක පමණ සාම්පල පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණ වූයේ එම සාම්පලවල කිලෝග‍්‍රෑම් පණහේ බර  නොමැති අතර, කිලෝග‍්‍රෑම් 47, 48, 49 ආදී වශයෙන් බර  පවතින බවයි.

රට තුළ පවතින යූරියා පොහොර හිඟය සහ ගොවි ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා සැලකිල්ලට ගෙන සමස්ත පොහොර තොගයම රාජසන්තක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණේ නැහැ. එහෙත් පරීක්ෂාවට ලක් කළ සාම්පල අතර තිබූ නියමිත බරින් තොර පොහොර මිටි 14 ක් පමණක් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකාරියේ භාරයට ගෙන තිබුණා.

මේ අතර බණ්ඩි පොහොර හෙවත් එම්. ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් රැගත් නෞකාවක් ලබන මස 02 වනදා මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.  නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙම පොහොර තොගය මිලදී ගත් බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required