/
/
title icon කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්.
Editor
1 year ago
Share:
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්.

කාන්තාවන් සවිබල ගැන්වීමට අදාළ පනත් කෙටුම්පත ලබන වසරේ පළමු මාස හය තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, එම සංසදයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදියි.

කාන්තා සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ වෙනම ආයතනයක් පිහිටුවීමට සැළසුම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

ළමා හා කාන්තා කටයුතු සඳහා අවශ්‍ය සේවක පිරිස්වලට විදෙස් පුහුණුවක් අවශ්‍ය නම් ඒ සඳහා තානාපති කාර්යාල මගින් අවශ්‍ය කටයුතු සංවිධාන කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required