/
/
title icon ඩයනාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම 28 වනදා.
ඩයනාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම 28 වනදා.
Editor
1 year ago
Share:
ඩයනාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම 28 වනදා.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම ලබන 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම අද සලකා බැලූණේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී පෙත්සම ඉදිරිපත් කළ සමාජ ක‍්‍රියාකාරී  ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අනේවාසික තැනැත්තියක් වන අතර, ශ‍්‍රී ලංකා පුරවැසිභාවය නොමැති ඇය මෙරට වගකිවයුතු ධුරයක් දැරීම නීතියට පටහැනි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required