/
/
title icon අන්තරේ විරෝධතා පාගමනට නෙළුම් පොකුණ අසලදී යළිත් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර.
අන්තරේ විරෝධතා පාගමනට නෙළුම් පොකුණ අසලදී යළිත් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර.
Editor
1 year ago
Share:
අන්තරේ විරෝධතා පාගමනට නෙළුම් පොකුණ අසලදී යළිත් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පාගමනට නෙළුම් පොකුණ රඟහල අසලදී අද පස්වරුවේ යළි කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල වුණා.

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතාව විසුරුවා හැරීමට කොල්ලූපිටිය – මල්පාර ආසන්නයේදීද පොලීසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

එමෙන්ම, තවත් ස්ථාන කිහිපයකදී ඔවුන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල වූ බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව ආරම්භ කෙරුණා.

මීට අමතරව, තවත් විරෝධතාවක් නාරාහේන්පිට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඉදිරිපිටින් ආරම්භ වූ අතර එය මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required