/
/
title icon රියදුරු බලපත් එක්දින සේවයේ කාඩ්පත් මුද්‍රණය 50 කට පමණයි.
රියදුරු බලපත් එක්දින සේවයේ කාඩ්පත් මුද්‍රණය 50 කට පමණයි.
Editor
1 year ago
Share:
රියදුරු බලපත් එක්දින සේවයේ කාඩ්පත් මුද්‍රණය 50 කට පමණයි.

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත‍්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50 ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බලපත‍්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් හිඟවීම හේතුවෙන් පසුගිය දිනවලදී රියදුරු බලපත‍්‍ර නිකුත් කරනු ලැබුවේ තාවකාලික රියදුරු බලපත‍්‍ර පත‍්‍රිකාවක් ලෙසයි.

ඒ අනුව එලෙස තාවකාලිකව රියදුරු බලපත‍්‍ර පත‍්‍රිකා ලක්ෂ 06 ක් පමණ නිකුත් කර තිබූ බවයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කාඩ්පත් මේ වනවිට ලැබී ඇති බැවින් තාවකාලිකව නිකුත් කළ පත‍්‍රිකා සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙමින් රියදුරු බලපත‍්‍ර කාඞ්පත් නිකුත් කරන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required