/
/
title icon ආයෝජන දිරිගන්වන්න නව පැකේජයක්.
ආයෝජන දිරිගන්වන්න නව පැකේජයක්.
Editor
1 year ago
Share:
ආයෝජන දිරිගන්වන්න නව පැකේජයක්.

පවතින ආයෝජන පැකේජයන් ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප‍්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහදිළි කොට ආයෝජකයන් දිරිගන්වන සුළු නව පැකේජයේ සැකසිය යුතු බවත් ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බැවින් එම කරුණු ශ‍්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට පැහැදිලිව සන්නිවේදනය කිරීම අත්‍යාවශ්‍ය බවයි එහිදී අවධාරණය කර ඇත්තේ.

එසේම පවතින පැකේජයන් යටතේ ව‍්‍යපෘති, ආයෝජන සහ රැකියා කොපමණ ලැබී තිබේද යන්න දැනුම් දෙන ලෙස ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required