/
/
title icon උතුරේ ධීවරයන්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්.
උතුරේ ධීවරයන්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්.
Editor
1 year ago
Share:
උතුරේ ධීවරයන්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්.

කන්කසන්තුරය සිට ත‍්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත‍්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප‍්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ‍්‍රිතව පවතින අඩුපීඩන කලාපය  පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට සහ අනිද්දා වනවිට මෙරට උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ හැකියාවක් පවතින බව සඳහන්. මේ හේතුවෙන් කන්කසන්තුරය සිට ත‍්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සුළෙඟ් වේගයද පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required