English English සිංහල සිංහල தமிழ் தமிழ்

පිරිවැයට සරිලන්න ජල ගාස්තුව සංශෝධනය කළ යුතු බව මණ්ඩල නිලධාරීන් කියයි.

Facebook
Twitter
LinkedIn

ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යෝජනා කර තිබෙනවා.

මෙහිදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් ශත 02 ක පමණ මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන බවයි. මෑතකදී එය ශත 05 ක් දක්වා වැඩි කළත්, ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම ශත 12 ත් 14 ත් පමණ අගයක පවතින බව ඔවුන් සඳහන් කළේ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයී. මේ හේතුවෙන් එම වියදමට සරිලන ආකාරයෙන් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බවයි ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවේ.

මෙහිදී වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ මෑතකදී ජල ගාස්තු වැඩි කළද ජල සම්පාදනය සඳහා යන වියදම පෙර තිබූ ප‍්‍රමාණයට වඩා 50% කින් පමණ වැඩි වී ඇති බවයි.

එම නිසා වර්තමාන ජල ගාස්තුව වියදමට සාපේක්ෂව ප‍්‍රමාණවත් නොවන බව නිලධාරීන් පෙන්වා දුන්නා. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජල ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට අපහසු තත්ත්වය මත මෙසේ ජල ගාස්තු සංශෝධනය කිරීම මගින් යම් ආකාරයකින් මුදල් ඉතිරියක් සිදු වන්නේ නම් එම මුදල ජල ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ හැකි බවද ඔවුන් සඳහන් කළා.

මෙහිදී සමෘද්ධිලාභීන්, වැඩිහිටි ප‍්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ.

තවද පානීය ජල බෝතල්වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡුාවට ලක්වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000