/
/
title icon මාර්ග සංවර්ධන අධිකාරියේ දහසකට ස්ථාන මාරු.
මාර්ග සංවර්ධන අධිකාරියේ දහසකට ස්ථාන මාරු.
Editor
1 year ago
Share:
මාර්ග සංවර්ධන අධිකාරියේ දහසකට ස්ථාන මාරු.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු දහසකට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරු වී ලබාදී තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ අදාළ ස්ථාන මාරුවීම් ලබන වසරේ ජනවාරි ආරම්භයේ සිට ක්‍රියාත්මක බවයි.

පසුගිය වසරේ රට තුළ පැවති තත්ත්වයත් සමඟ වාර්ෂික ස්ථාන මාරුවීම් සිදුකර නොමැති අතර, මීට පෙර 2019 වසරේදීයි මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required