/
/
title icon ONLINE | පත්තරේ
ONLINE | පත්තරේ
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ

දිවයින (2022-11-21)

කුඩු ජාවාරමටත් එහා ගිය ලංකාවේ කතුන් පිරටට විකිණීමේ ජාවාරම. ඕමාන් හා කුවෙට් රාජ්‍යයන් වෙත ලංකාවේ කතුන් විකුණූ ජාවාරමේ රහස් එළියට එයි. දෙදෙනෙක් අත් අඩංගුවට ගනී.

පාරිභෝගික අධිකාරියට එරෙහිව කොමර්ෂල් පොහොර සමාගම නීති මගට.

97 වන වියේ පසුවන මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතා වසර 53 කට පසු ජීවිතයේ මුල්ම පරාජය පෙරේදා පැවති මැතිවරණයෙන් ලැබූ බව දිවයින මුල් පිටුවේ වාර්තා කරයි.

සමෘද්ධි ලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම් ලාභීන් හැර අනෙකුත් ප්‍රජාව සදහා ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජල සම්පාදන කටයුතු පිළිබද අමාත්‍යංශ උපදේශීය කාරක සභාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරන ලදී.

දිවයිනේ තවත් ප්‍රධාන සිරස්තලයක් ලෙස දක්වන්නේ වවුනියාවේ සංචාරයේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යුධ සමයේ අතුරුදන් වූවන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ කළු කොඩි වීරෝධතාවයට මුහුණ දීමට සිදු විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළගදිම අලුත් පොතක් ලියන බවත් එයින් තවත් රහස් එළියට එන බවත් ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ දක්වයි.

ශ්‍රී ලාංකිකයකු විසින් දෙවන වරටත් නෙලූ ශාකයක් නක්ල්ස් රක්ෂිතයෙන් සොයා ගනී.

රසායනාගාර පර්යේෂණ සදහා අත්‍යවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයුම අඩාල වීම හේතුවෙන් බොහෝ රෝහල් වල සාමාන්‍ය රසායනාගර පරීක්ෂණ සිදු කිරීමට නොහැකි මතුව තිබේ.

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා මෙලෙස තම අදහස් දකවන්නේ ආණ්ඩුවට එරෙහිව “කරව් නැත්තම් පලයව් ” යන තේමාව යටතේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති මහජම සමුළුවට එක් වෙමිනි.
තවත් පුවත් රැසක් අද දිවයින පුවත්පත හරහා ඔබට කියවිය හැක.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required