/
/
title icon කෝටි 12 ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් යාපනයේදී කොටු වෙයි.
කෝටි 12 ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් යාපනයේදී කොටු වෙයි.
Editor
1 year ago
Share:
කෝටි 12 ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් යාපනයේදී කොටු වෙයි.

නෝර්වේ රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගෙන් රුපියල් කෝටි 12කට ආසන්න මුදලක් බැංකු ගිණුම් 23ක් හරහා ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය – නාවන්තුරෙයි ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියන් අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන්නන්.

ව්‍යාපාරිකයෙකුව සිට මියගිය තම පියාගේ නමින් පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති රුපියල් කෝටි 100ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් නීතිමය වශයෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට බව පවසා මොවුන් අදාළ ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.

2021 වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුල වරින්වර නෝර්වේ රාජ්‍යයේ පදිංචි අදාළ ශ්‍රී ලාංකිකයාගෙන් රුපියල් කෝටි 12කට ආසන්න මුදල ලබාගෙන ඇති අතර එලෙස ලබාගත් මුදල් වලින් කොටසක් තවත් පුද්ගලයන්ගේ ගිණුම් වෙත යවා ඇති බව අනාවරණ වී තිබෙනවා.

නෝර්වේ රාජ්‍යයේ පදිංචි අදාළ පුද්ගලයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ෂණ කොට්ඨාසය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබුණා.

මොවුන් ළඟ තිබී මෙම මූල්‍ය වංචාව සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමට උපයෝගී කරගත් අධිකරණ විනිසුරුවරුන්ගේ, බැංකු කළමණාකරුවන්ගේ, නීතීඥවරුන්ගේ, ග‍්‍රාම නිලධාරීන්ගේ ඇතුළු රජයේ විවිධ නිලතල දරණ නිලධාරින්ගේ අත්සන් සහ නිල මුද්‍රා සහිත ලේඛන තොගයක් ද විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

සැකකාරියන් යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required