/
/
title icon උද්ධමනය සියයට තුනයි දශම එකකින් පහළට.
උද්ධමනය සියයට තුනයි දශම එකකින් පහළට.
Editor
1 year ago
Share:
උද්ධමනය සියයට තුනයි දශම එකකින් පහළට.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සියයට 3 යි දශම එකකින් පහළ ගොස් තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 73 යි දශම 7 ක් ලෙස වාර්තාවූ අතර පසුගිය මාසයේ එය සියයට 70 යි දශම 6 ක් දක්වා පහළ බැස ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ. ආහාර කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මාසයේ පහල බැස තිබෙනවා.

ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ලෙස සියයට 80 යි දශම 9 ක් ලෙස වාර්තා වී ඇති අතර එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4 යි දශම 9 ක පහල යාමක්. එමෙන්ම ප‍්‍රවාහන අංශයේ උද්ධමනයද සියයට 108 යි දශම 8 දක්වා පහත බැස තිබෙනවා.

කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සන්නිවේදන අංශයේ උද්ධමනය සියයට 34 යි දශම 8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මාසයේ වාර්තා වී ඇත්තේ සියයට 25 යි දශම 8 ක් ලෙසින්.

මීට අමතරව අධ්‍යාපන අංශයේ උද්ධමනයද සියයට 35 යි දශම 1 ක දක්වා ඉහළ යාමද විශේෂත්වයක්. පසුගිය සැප්තැම්බර් මාසයේ අධ්‍යාපන අංශයේ උද්ධමනය ලෙස දැක්වුණේ සියයට 31 යි දශම 07 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required