/
/
title icon අයවැය කාරක සභා විවාදය ඇරඹේ.
අයවැය කාරක සභා විවාදය ඇරඹේ.
Editor
1 year ago
Share:
අයවැය කාරක සභා විවාදය ඇරඹේ.

2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. දින 13 ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡුන්ද විමසීම දෙසැම්බර් 8 වනදා රාත‍්‍රී හතට පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති, අග‍්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, පාර්ලිමේන්තුව, අල්ලස් කොමිසම, විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිසන් සභාව, ජාතික විගණන කාර්යාලය ඇතුලූ වැය ශීර්ෂ කිහිපයක් අද දිනයේදී විවාදයට ගැනෙනවා.

මේ අතර අයවැය දෙවන වර කියවීම වැඩි ඡුන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 121 ක් සහ විපක්ෂව ඡන්ද 84 ක් හිමි වුණා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය 14 වනදා ඉදිරිපත් කළ අයවැය යෝජනා දෙවන වර කියවීමේ විවාදය දින හතක් පැවැත්වීමෙන් අනතුරුවයි මෙලෙස ඊයේ ඡන්ද විමසීම පැවැත්වුණේ.

එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබුණත්, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මෙන්ම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ විපක්ෂ නායකවරයා හමුවූ  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන බවට වාර්තා පළවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියංකර ජයරත්න ද ඊට පක්ෂව ඡන්දය භාවිත කළා.

සමගි ජනබලවේගය මෙන්ම ජාතික ජනබලවේගය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් ඡන්දය භාවිත කළේ ඊට විරුද්ධවයි.

දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required