/
/
title icon ආජන්ටිනාව පැරදවීමේ සතුට සැමරීමට සෞදි රජුගෙන් අද නිවාඩුවක්.
ආජන්ටිනාව පැරදවීමේ සතුට සැමරීමට සෞදි රජුගෙන් අද නිවාඩුවක්.
Editor
1 year ago
Share:
ආජන්ටිනාව පැරදවීමේ සතුට සැමරීමට සෞදි රජුගෙන් අද නිවාඩුවක්.

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී ප‍්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි අරාබි කණ්ඩායම ඊයේ ලැබූ ජයග‍්‍රහණයේ සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලූම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

තරඟ 36කින් අපරාජිතව ආ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග‍්‍රාහි ගමන සෞදි අරාබියාව හමුවේ පරාජයට පත්වූයේ ගෝල 2ට 1ක් ලෙසයි.

මේ අතර පාපන්දු ලෝක කුසලානයට අදාළව ඊයේ නිමාවට පත්වූ තවත් තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඩෙන්මාර්කය – ටියුනීෂියාව සමඟත් මෙක්සිකෝව – පෝලන්තය අතරත් තරඟ වැදුණු අතර කණ්ඩායම් හතරටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් සම සමව අවසන් වුණා. එමෙන්ම ප‍්‍රංශයට එරෙහිව පැවති තරඟය  ඕස්ට්‍රේලියාව ජයගනු ලැබුවේ ගෝල 4ට 1ක් ලෙසයි.

මේ අතර පෘතුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කණ්ඩායමේ කළමනාකරු සමඟ ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required