/
/
title icon රිමාන්ඩ් කර සිටි අන්තරේ ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප.
රිමාන්ඩ් කර සිටි අන්තරේ ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප.
Editor
1 year ago
Share:
රිමාන්ඩ් කර සිටි අන්තරේ ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප නියම කර තිබෙනවා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දින 89 ක් රැඳවුම් නියෝග මත රඳවා සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් පළමුවරට පසුගිය 18 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අතර, නීතිපති උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.

මැයි මස 9 වනදා අරගල සිද්ධියට අදාළව මොවුන් අත්අඩංගුවට ගැනුනු අතර, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required