/
/
title icon කොළඹින් ඇප ලැබුනු සිරිධම්ම හිමියන් කඩුවෙලින් යළි රිමාන්ඞ්.
කොළඹින් ඇප ලැබුනු සිරිධම්ම හිමියන් කඩුවෙලින් යළි රිමාන්ඞ්.
Editor
1 year ago
Share:
කොළඹින් ඇප ලැබුනු සිරිධම්ම හිමියන් කඩුවෙලින් යළි රිමාන්ඞ්.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලැබුණු අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඊයේ විභාග වූ නඩුවකට අදාළවයි.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ර`දවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගතකළ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටී.එන්.එල්. මහවත්ත ඊයේ පෙරවරුවේ නියෝග කළා.

ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරිය උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළා. එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින ත‍්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් තවත් ඇප කොන්දේසියක් පනවා තිබෙනවා.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් දින 89 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 17 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

කෙසේ වෙතත්, පසුගිය ජුනි මස 10 වනදා බත්තරමුල්ල – ඉසුරුපාය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී පොදු දේපලවලට හානි කිරීමේ සිද්ධියට පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ පස්වරුවේ කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු. එහිදී මහේස්ත‍්‍රාත් චාමනී විජේබණ්ඩාර නියෝග කළේ සිරිධම්ම හිමියන් ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required