/
/
title icon චාමිකට වසරක අත්හිට වූ ක්‍රිකට් තහනමක්.
චාමිකට වසරක අත්හිට වූ ක්‍රිකට් තහනමක්.
Editor
1 year ago
Share:
චාමිකට වසරක අත්හිට වූ ක්‍රිකට් තහනමක්.

චාමික කරුණාරත්නට වසරක කාලයකට අත්හිට වූ වසරක ක්‍රිකට් තහනමක් පනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එසේම, අමෙරිකානු ඩොලර් 5000 ක දඩයක්ද නියම කර ඇති අතර, ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩක ගිවිසුමේ වගන්ති කිහිපයක් කඩ කිරීමයි.

ඊට අදාළව ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර, එහිදී සියලූ චෝදනාවලට චාමික වැරදිකරු බව ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ක්‍රීඩකයාට බලපෑමක් නොවන දඬුවමක් පනවන ලෙසට කමිටුව කළ නිර්දේශ අනුව කටයුතු කරන බවද ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා.

මෙවන් තත්ත්වයක් තුළයි ඇෆ්ගනිස්ථානයට එරෙහිව අනිද්දා ආරම්භ වන තරඟ තුනකින් යුත් එක්දින තරගාවලියට සහභාගිවන ශ‍්‍රි ලංකා සංචිතයට චාමික කරුණාරත්න නම් නොකිරීම පිළිබඳ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ලිඛිත විමසීමක් සිදුකරන ලෙසයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබුණේ. ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදි රැස්වු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයින් පමණක් කණ්ඩායමට තෝරාගැනීමක් සිදුවන බවට මතයක් පවතින බවත්, චාමික කරුණාරත්න ඊට එකඟ නොවු නිසා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා නොගත් බවත්, එහිදී මන්තී‍්‍රවරු සඳහන් කර සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required