/
/
title icon අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි දඬුවම් දෙන පනතෙන් පොලිසිය වැඩ අරඹයි.
අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි දඬුවම් දෙන පනතෙන් පොලිසිය වැඩ අරඹයි.
Editor
1 year ago
Share:
අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි දඬුවම් දෙන පනතෙන් පොලිසිය වැඩ අරඹයි.

අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍ර‍්‍රෑම් පහකට වැඩි ප‍්‍රමාණයක් ළඟ තබා ගන්නා හෝ ජාවාරමේ නිරත වන පුද්ගලයින්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය හැකි පරිදි සංශෝධනයට ලක් කෙරුණු විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත් කෙටුම්පත මේ වනවිට බලාත්මකයි.

ඒ අනුව අද සිට නව නීතිය යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.

පසුගිය ඔක්තෝම්බර් මස 19 වැනිදා විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඊයේ සහතිකය සටහන් කිරීමත් සමඟ එය බලාත්මක වූ අතර, මත්ද්‍රව්‍ය ගෙන්වීම, ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් කාලීනව ඇතිවන අවශ්‍යතාවයන් මත නීති ශක්තිමත් කිරීම සඳහා මෙම පනත සංශෝධනය කර තිබෙනවා.

මේ අතර, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ ලබාගත් අසම්පූර්ණ වාර්තාවලට අනුව මෙරට ලක්ෂ පහකට ආසන්න කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට අනාවරණ වී ඇති බවයි. එසේම අයිස් මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවද ඔහු එහිදී කියා සිටියා.

මේ අතර, මේ වසරේ ජනවාරි පළමු වනදා සිට මේ මාසයේ මුල් සතිය වනවිට සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 103 කට වැඩි ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එහිදී පුද්ගලයින් 7,536 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මගින් සිදුකළ වැටලීම්වලදී ඉන් වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන තිබීමයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required