/
/
title icon ලිස්ටා සමුගනී.
ලිස්ටා සමුගනී.
Editor
1 year ago
Share:
ලිස්ටා සමුගනී.

මත් උවදුරෙන් සමාජය බේරා ගැනීම සඳහා විශිෂ්ඨ මෙහෙයක් සිදුකළ ගාල්ල පොලිස් කොට්ඨාශයේ නිල සුනඛ අංශයේ ලිස්ටා නැමැති සුනඛයා අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

වසර 04 කට පමණ පෙර නෙදර්ලන්තයේ උපත ලැබූ ලිස්ටා ගාල්ල පොලිස් කොට්ඨාශයට රාජකාරී සඳහා භාර දෙනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු මස 20 වනදායි.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පමණක් පුහුණුකර ඇති ලිස්ටා සුනඛයා මෙතෙක් මත්ද්‍රව්‍ය වැටලීම් දහසකට ආසන්න සංඛ්‍යාවකට එක්ව තිබෙනවා. ලිස්ටාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදුකරනු ලැබුවේ පොලිස් ගෞරව සහිතවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required