/
/
title icon බැංකු පද්ධතිය ශක්තිමත් කරන බව ජනපති රනිල් කියයි.
බැංකු පද්ධතිය ශක්තිමත් කරන බව ජනපති රනිල් කියයි.
Editor
1 year ago
Share:
බැංකු පද්ධතිය ශක්තිමත් කරන බව ජනපති රනිල් කියයි.

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිලිවෙලකට රජය අවතීර්ණ වී ඇති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාව සිඟමන් යදින රටක් බවට පත් කිරීමට තමන් කිසි ලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අප ස්වෝත්සාහයෙන් නැගී සිටිය යුතු බවයි.

දිවංගත අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ 86 වැනි ඡන්ම දින සැමරුමට කොළඹදී ඊයේ එක්වෙමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් කියා සිටියේ මෙවර අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇති බවයි.

ලලිත් ඇතුළත්මුදලිගේ සංකල්පය ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීමට හැකි සංකල්පයක් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required