/
/
title icon යුක්රේනය පුරා විදුලිය ඇනහිටී.
යුක්රේනය පුරා විදුලිය ඇනහිටී.
Editor
1 year ago
Share:
යුක්රේනය පුරා විදුලිය ඇනහිටී.

බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් යුක්රේනය පුරා විදුලිය ඇනහිටීම රුසියාව මනුෂත්වයට එරෙහිව සිදුකරන අපරාධක් බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

විදුලිය ඇණහිටීම හේතුවෙන් න්‍යෂ්ටික ප‍්‍රතික්‍රියාකාරක තුනක් වසා දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියානු මිසයිල ප‍්‍රහාර හේතුවෙන් බිඳවැටුණු රටේ විදුලිබල ජාලයෙන් අඩකට වඩා ප‍්‍රතිසංස්කරණය කිරීමට සිදුව ඇති බවයි.

නිව්යෝක්හි ජගත් ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් අමතමින් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා කියා සිටියේ ශීත ඝෘතුව ආරම්භ වීමත් සමඟ මිලියන සංඛ්‍යාත ජනතාවකට විදුලිබලය, ජලය නොමැතිව උණුසුමෙන් තොරව රැදී සිටීමට සිදුව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required