/
/
title icon යාලේ විසේකාරයාට වෙඩි වැදුණු ආකාරය ගැන විමර්ශනයක්.
යාලේ විසේකාරයාට වෙඩි වැදුණු ආකාරය ගැන විමර්ශනයක්.
Editor
1 year ago
Share:
යාලේ විසේකාරයාට වෙඩි වැදුණු ආකාරය ගැන විමර්ශනයක්.

යාල වනයේ විසේකාරයා ලෙස ප‍්‍රචලිත ගැමුණු හස්තියාගේ බඳින තුවක්කුවක් පත්තු වී පාදයකට සිදුවූ තුවාල මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.

පෙරේදා සිට පශු වෛද්‍යවරුන් ගැමුණු හස්තියාට ප‍්‍රතිකාර සිදුකරන බවයි යාල වනෝද්‍යානයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

සංචාරක රථ අසලටම පැමිණ ආහාර ඉල්ලා ගැනීමේ පුරුද්ද හේතුවෙන් ගැමුණු සංචාරකයින් අතර වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව සිටිනවා. අවස්ථා දෙකකදී වෙනත් ඇතුන් සමඟ ඇතිකර ගත් ගැටුම්වලින් ගැමුණුගේ දළ යුගල කැඞී ගොස් තිබුණා. කෙසේ වෙතත් යළි එම දළ වැඩෙමින් පවතින බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.

මේ අතර, ගැමුණු හස්තියා වෙඩි වැදීමට ලක්වූයේ වනෝද්‍යානය තුළදීද නැතහොත් ඉන් පිටතදීද යන්න සම්බන්ධයෙන් මේ වනවිට වනජීවි නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required