English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඕමාන මිනිස් ජාවාරමට තවත් සැකකරුවෙකු මාලිගාවත්තේදී අල්ලයි.

Facebook
Twitter
LinkedIn

ශ‍්‍රී ලාංකික කාන්තාවන්  ඕමානයේදී ගණිකා වෘත්තියේ සහ මිනිස් ජාවාරමේ යෙදවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු මාලිගාවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්.

මෙරට කාන්තාවන් රැකියා ලබාදෙන බව පවසා  ඕමානයට රැගෙන ගොස් අලෙවි කරන බවට හිරු ප‍්‍රවෘත්ති පසුගියදා අනාවරණ කළ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව විශේෂ විමර්ශන කණ්ඩායමක්  ඕමානයට ගොස් එරට ආරක්ෂක නිවස්නයේ රැඳී සිටි කාන්තාවන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන, ඒ ඔස්සේ අනාවරණ වූ තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන තැරැව්කරු සහ තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර  ඕමානයේ භාෂා පරිවර්තිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක්ද වනවා. එම කාන්තාවට අධිකරණයෙන් ඇප නියම වූ අතර, සෙසු සැකකරුවන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

මෙම සිද්ධියට අදාළව ඊයේ මාලිගාවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 47 හැවිරිදි සැකකරු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙම පුද්ගලයා මාළිගාවත්ත ප‍්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරු කාන්තාවන් 70 දෙනෙකු විදේශ ගත කිරීම සඳහා කටයුතු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. එලෙස කාන්තාවන් සැපයීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති බවද හෙළිවී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ නීතිවිරෝධී ලෙස මෙලෙස කාන්තාවන් යැවූ විදේශ රැකියා ආයතන හතක් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර,  ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ  ඕමානයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් නැමැත්තාගේ රාජතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවලංගු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000