/
/
title icon විරෝධතා පා ගමනක් නැවැත් වූ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පැවරූ නඩුව නිෂ්ප‍්‍රභ කෙරේ.
විරෝධතා පා ගමනක් නැවැත් වූ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පැවරූ නඩුව නිෂ්ප‍්‍රභ කෙරේ.
Editor
1 year ago
Share:
විරෝධතා පා ගමනක් නැවැත් වූ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පැවරූ නඩුව නිෂ්ප‍්‍රභ කෙරේ.

කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට සහ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක්ට එරෙහිව පවරා තිබූ නඩුව, කොළඹ – කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද නිෂ්ප‍්‍රභ කළා.

ගාලූ‍මුවදොර සිට අලූ‍ත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට පසුගිය ඔක්තෝබර් මස 10 වන දින ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළ බව පවසමින් එම පැමිණිල්ල ගොනුකර තිබුණේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන විසින්.

අසත්‍ය කරුණු පදනම් කරගනිමින් සහ නෛතික අධ්‍යයනයක් සිදු නොකර මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාමින්ද වික‍්‍රම කියා සිටියේ.

එහිදී පොලිස් ආඥා පනත, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පැවැරීමේදී භාවිතා කළ යුතු ක‍්‍රමවේදයන් ද භාවිතා කර නොමැති බව ද ඔහු සඳහන් කළා. එම කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ නඩුව නිෂ්ප‍්‍රභ කිරීමට නියෝග කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required