 
                            2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
https://www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප‍්‍රතිඵල ලබා ගත හැකියි.
පසුගිය මැයි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ 18,245 ක් ඒ සඳහා පෙනී සිටියා.
සියළු පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප‍්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප‍්‍රතිඵල ලේඛණ එම අයදුම්කරුවන් වෙතත් නිකුත් කිරීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැ`දවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද එහි වැඩිදුරටත් සඳහන්.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                