 
                            ජනාධිපතිවරයා සමඟ බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ යෝජනා 03 ක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, කොළඹ දී ඊයේ එම පක්ෂවල නායකයින් රැස්වී සිදු කළ සාකච්ඡාවකදීයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්දන්ගේ කොළඹ පිහිටි නිවසේ දී මෙම සාකච්ඡාව ඊයේ පැවැත්වුණා.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, එස්. ශී‍්‍රධරන්, සෙල්වම් අඩෙක්කලනාදන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
බලය බෙදීමේ දී ව්‍යවස්ථාව හා නීතිය ක්‍රියාත්මක කරමින් පළාත් සභා ඡන්දය පැවැත්වීම, නව ව්‍යවස්ථාවක් සකසා ඊට බලය බෙදීම ඇතුළත් කිරීම සහ දෙමළ ජනතාවගේ සියලූ ඉඩම් යලි ඔවුන්ට ලබාදීම ඇතුළු යෝජනා තුනකට ඔවුන් එහිදී එකඟතාව පළ කර තිබෙනවා. ඒ අනුව එම යෝජනා ඉදිරියේදී ජනාධිපතිවරයාට භාර දීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                