/
/
title icon සමෘද්ධි සහ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න කඩිනමින් වරම්.
සමෘද්ධි සහ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න කඩිනමින් වරම්.
Editor
1 year ago
Share:
සමෘද්ධි සහ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න කඩිනමින් වරම්.

සමෘද්ධි සහ ක්ෂේත‍්‍ර නිලධාරින්ට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පාලන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

ක්ෂේත‍්‍ර නිලධාරින්ට තම කොට්ඨාශය තුළම ඡන්දය ඉල්ලූම් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා. ඊට අදාළ සංශෝධන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි මෙහිදී හෙළි වුණේ.

අක‍්‍රමිකතා සිදුකරන ග‍්‍රාම නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

මේ අතර ජාතික සභාවේ යෝජනා සහ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය සඳහා විශේෂිත ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවීමට අවධානය යොමුව තිබෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ජාතික සභාවේදීයි.

මෙහිදී ඉන්ධන සහ බලශක්ති අර්බුදයට ඉදිරියේදී මුහුණ දීමට අවශ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාල කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡාවට ලක් වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required