/
/
title icon වනජීවී භාරයේ සිටින අලි ඇතුන් පස්දෙනෙක් මුල් හිමිකරුවන්ට ලබාදීමේ නියෝගය අත්හිටුවයි.
වනජීවී භාරයේ සිටින අලි ඇතුන් පස්දෙනෙක් මුල් හිමිකරුවන්ට ලබාදීමේ නියෝගය අත්හිටුවයි.
Editor
1 year ago
Share:
වනජීවී භාරයේ සිටින අලි ඇතුන් පස්දෙනෙක් මුල් හිමිකරුවන්ට ලබාදීමේ නියෝගය අත්හිටුවයි.

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින බලපත‍්‍ර නොමැති අලි ඇතුන් පස් දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක්  ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ, අනුව එම නියෝගය  දින 14 ක කාලයක් බල පැවැත්වෙනවා.

අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට ලබාදීමට එරෙහිව ගොනු කල රිට් පෙත්සම් හතරක්  ඊයේ කැඳවනු ලැබී අතර එහිදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එහිදි  පෙත්සම්කාර  පාර්ශවය දන්වා සිටියේ අලි ඇතුන් කිහිප දෙනෙකු මුල් අයිති කරුවන්ට ලබාදෙන ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

හීලෑ අලි ඇතුන් නැවත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්  අභියාචනාධිකරණය විසින්  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, එලෙස  නියෝගයක් නිකුත් කිරීම  ගැටළු සහගත බවත් පෙත්සම්කරුවන් පෙන්වා දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required