/
/
title icon ලෙබනනය හරහා ඉතාලි යවන ජාවාරමක් – තොරතුරු කියන්න දුරකතන අංක දෙකක්.
ලෙබනනය හරහා ඉතාලි යවන ජාවාරමක් – තොරතුරු කියන්න දුරකතන අංක දෙකක්.
Editor
1 year ago
Share:
ලෙබනනය හරහා ඉතාලි යවන ජාවාරමක් – තොරතුරු කියන්න දුරකතන අංක දෙකක්.

ලෙබනනය හරහා බෝට්ටු මගින් ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත යොමු කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ, මුදල් ලබාගෙන සිදු කරන මෙවැනි ජාවාරම් වලට හසු නොවන ලෙසටයි.

ඇතැම් පුද්ගලයින් ඉතාලිය බලා ගමන් කිරීමේ දී අනතුරට ලක් වී අවතැන් වීමට ද වාර්තාවන බව එම කාර්යාංශය පවසනවා.

ඒ අනුව මෙම ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු දන්නේ නම් 1989 ක්ෂණික ඇමතුම් අංකයට සහ 011 2 864 214 යන විමර්ශන අංශයේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required