/
/
title icon දෙලක්ෂ 31,000 ක් උසස් පෙළට – 498 කට ප‍්‍රතිඵල නැහැ.
දෙලක්ෂ 31,000 ක් උසස් පෙළට – 498 කට ප‍්‍රතිඵල නැහැ.
Editor
1 year ago
Share:
දෙලක්ෂ 31,000 ක් උසස් පෙළට – 498 කට ප‍්‍රතිඵල නැහැ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් තුන් ලක්ෂ 11,321 දෙනා අතරින් දෙලක්ෂ 31,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප‍්‍රකාශ කළා.

විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා කියා සිටියේ ඒ සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බවයි.

විභාගයට පෙනී සිටි 498 දෙනෙකුගේ ප‍්‍රතිඵල තහනම් කිරීමට කටයුතු කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී අයදුම්කරුවන්ට ප‍්‍රවේශපත‍්‍රයක් නිකුත් නොකරන අතර, ඒ වෙනුවට අත්සන් ලේඛනයක් පමණක් ලබා ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required