English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගුවන්තොටේ රත‍්‍රං ජාවාරමට වැට බැඳෙන ලකුණු.

Facebook
Twitter
LinkedIn

විදේශ ගතව සිට ජාවාරම් කිරීමේ අරමුණින් අසාමාන්‍ය ලෙස රන් ආභරණ පැළඳ මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි සතිය තුල ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ කැරට් 22, සහ ඊට වැඩි රන් ආභරණ විශාල බර ප‍්‍රමාණයන් යටතේ පැළඳ විවිධ පිරිස් ජාවාරම් කිරීමේ අරමුණින් මෙරටට පැමිණීමේ තත්ත්වයක් ක්‍රියාත්මක බවයි.

සංවිධානාත්මකව ක්‍රියාත්මක මෙම ජාවාරමේදී කණ්ඩායම් වශයෙන් පුද්ගලයන් විදේශ ගත කර ඔවුන් ආපසු පැමිණීමේදී කැරට් 22ට වැඩි නිම කළ රත‍්‍රං ආභරණ ලෙස පැළඳ පැමිණෙන අතර ගුවන්තොටුපලේදී අදාළ රන් ආභරණ ඔවුන්ගෙන් ලබා ගැනීම ජාවාරම්කරුවන් විසින් සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.

මෙම ජාවාරම හරහා මසකට රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක පමණ විදේශ විනිමයක් අහිමිවන බවට තක්සේරු කර තිබෙනවා.

මේ පිළිබඳ තොරතුරු අනාවරණ වීමෙන් පසු වහාම ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබුණේ.

ඒ අනුව, එහි වාර්තාව පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලැබුණු අතර, එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම රන් ජාවාරම වැළැක්වීම සඳහා විශේෂ තාක්ෂණික ක‍්‍රමවේදයක් යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස රේගු නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000