/
/
title icon කිරිපිටි සිරකර ගත් බවට එල්ල වන චෝදනාවලට ආනයන අපනයන පාලකගෙන් පිළිතුරු.
කිරිපිටි සිරකර ගත් බවට එල්ල වන චෝදනාවලට ආනයන අපනයන පාලකගෙන් පිළිතුරු.
Editor
1 year ago
Share:
කිරිපිටි සිරකර ගත් බවට එල්ල වන චෝදනාවලට ආනයන අපනයන පාලකගෙන් පිළිතුරු.

වසර 10ක් තිස්සේ නිෂ්කාශනය නොකර කොළඹ වරායේ සිරවී ඇති භාණ්ඩ දෙමසක් තුළ නිදහස් කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රේගු සහ වරාය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර ආනයනික කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් නිදහස් කිරීම ප‍්‍රමාදවීමෙන් ඒවා නරක් වන තත්ත්වයට පත්ව ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, රට තුළ යළිත් කිරිපිටි හිඟයක් ඇති කිරීමේ සැලසුමක් මේ හරහා ක‍්‍රියාත්මක වන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආනයන අපනයන පාලක ජනරාල් උපුල්මලී පේ‍්‍රමතිලක සඳහන් කළේ, අදාළ ආනයනකරු එම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ වෙනත් නිෂ්පාදනයක අමුද්‍රව්‍යයක් ලෙස බවයි.

එලෙස වෙනත් නිෂ්පාදනයක අමුද්‍රව්‍යයක් ලෙස කිරිපිටි ආනයනය කරන්නේනම් කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියක් ලබා ගත යුතුව ඇතත් ආනයනකරු එම නිසි ක‍්‍රමවේදය අනුගමනය කර නොමැති බවයි ඇය සඳහන් කළේ.

කිරිපිටි ආනයනය කිරීමේදී ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය නොවන බව පෙන්වා දෙන ආනයන අපනයන පාලක ජනරාල්වරිය සඳහන් කළේ, කිරි පිටි ආනයනය සඳහා කිසිදු ගැටලූ‍කාරී තත්ත්වයක් මතුව නොමැති බවයි.

කෙසේ වෙතත් වෙනත් නිෂ්පාදනයක අමුද්‍රව්‍ය ලෙස කිරිපිටි ආනයනය කරන්නේනම් අදාළ ක‍්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

එසේම, ආනයනය කරන ලද කිරිපිටි තොගයක් රේගුවෙන් නිදහස් කිරීම ප‍්‍රමාද කරන බවට පළ වන වාර්තා ශ‍්‍රී ලංකා රේගුව ප‍්‍රතික්ෂේප කරනු ලබනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාස දෙකකට පෙර ආරම්භ කරන ලද රේගු විමර්ශනයක් මේ වනවිට පැවැත්වෙන බව ද ඔවුන් පවසනවා. එම විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් අදාළ සමාගම අසත්‍ය ප‍්‍රකාශ සිදුකරන බවයි ශ‍්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මේ අතර, මේ අතර, විවිධ රේගු නීති සහ රෙගුලාසි හේතුවෙන් වසර 10 කට ආසන්න කාලයක් පුරා වරාය ගුදම් තුල නිශ්කාශනය නොවූ භාණ්ඩ දෙමසක් තුල නිෂ්කාශනය කිරීමට වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා රේගු සහ වරාය නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

පසුගියදා අමාත්‍යවරයා වරාය අධිකාරියේ ගුදම් පරිශ‍්‍රයේ සිදුකළ නිරීක්ෂණයකදී නිශ්කාශනය නොවූ භාණ්ඩ පිළිබඳව වරාය නිලධාරින් අමාත්‍යවරයාට කරුණු දක්වනු ලැබුවා.

එහිදී නිරීක්ෂණය වූයේ බහාලූම් 108 ක් සහ ගුදම් තුල මෙම නිෂ්කාශනය නොවූ භාණ්ඩ තොග තබා ඇති බවයි. මේ හේතුවෙන් වරාය අධිකාරිය වෙත ලැබීමට ඇති ගුදම් ගාස්තු සහ බිම් කුලී ලෙස විශාල මුදලක් අහිමිව ඇති බව ද අනාවරණ වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required